මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කට?...
Article InformationAuthor, බීබීසී සිංහලPublished පැයකට පෙරකියවීමේ කාලය: මිනිත්තු 3මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්රමරත්න නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පත්කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකුට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය දුන් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද ප්රතිශෝධන පෙත්සම් විභාගය පෙබරවාරි මස 09 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.
අල්ලස් කොමිසම ගොනු කර තිබූ මෙම ප්රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරවලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 14 වන දාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේ ය.
එම විරෝධතාවලට ප්රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 28 වන දාට පෙර ගොනු කරන ලෙසත් මෙහිදී විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසමට නියම කරනු ලැබී ය.
මෙම ප්රතිශෝධන පෙත්සම් අද (ඔක්: 30) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්යක්ෂ ජනරාල් අනුෂා සම්බන්ධප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ප්රතිශෝධන පෙත්සම් තුළින් අතුරු නියෝගයක් අපේක්ෂා කරන බව සඳහන් කළා ය.
මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය වෙත ප්රශ්නයක් යොමු කරමින්, " එම අතුරු නියෝගය තුළින් අපේක්ෂා කරන්නේ කුමක් දැයි" විමසීය.
ඊට පිළිතුරු දුන් සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය මෙසේ පැවසීය.
"ස්වාමීනි, මෙම වගඋත්තරකරුවන් ඇප මත මුදා හරිමින් මහේස්ත්රාත්වරයා නිකුත් කළ ඇප නියෝගය අත් හිටුවන ලෙස මෙම අතුරු සහන නියෝගය තුළින් ඉල්ලා සිටිනවා."
End of වැඩිපුරම කියැවූ
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්නඋණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එහිදී යළි ප්රශ්නයක් මතු කළ විනිසුරුවරයා, "මෙම පෙත්සම්වලින් ඉල්ලා සිටින අවසන් සහනය කුමක් දැයි" යලිත් විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දුන් සහකාර අධ්යක්ෂ ජෙනරාල්වරිය, "මහේස්ත්රාත්වරයා විසින් ප්රදානය කරන ලද ඇපය අවලංගු කරන ලෙස යි ඉල්ලා සිටින්නේ," යනුවෙන් පිළිතුරු දුන්නා ය.
එහිදී විවෘත අධිකරණයේ ප්රකාශයක් සිදු කළ මහාධිකරණ විනිසුරුවරයා මෙසේ පැවසීය.
"මෙම පෙත්සමේ අතුරු සහනය සහ අවසාන ඉල්ලීම සමාන බව පෙනී යනවා. එවැනි අවස්ථාවක අතුරු සහන ඉල්ලීම පිළිබඳ සලකා බැලිය නොහැකි බවට නීතිමය තත්ත්වයක් තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි අතුරු සහන ඉල්ලා සිටින්නේ කොහොම ද?"
ඒ අනුව මෙම පෙත්සම්වලින් ඉල්ලා තිබෙන අතුරු සහන ඉල්ලීම් සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී කරුණු දැක්වීමක් නොකරන බව සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය පැවසීය.
ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, සාලිය පීරිස් සහ නෙවිල් අබේරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම ප්රතිශෝධන පෙත්සම්වලට විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස ය.
ඒ අනුව වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීමට අවසර දුන් විනිසුරුවරයා මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කළේ ය.
අල්ලස් කොමිසම සිය ප්රතිශෝධන පෙත්සම්වලින් කියා සිටින්නේ, ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු බව කියන හරක් කටා නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බව ය.




0 Comentário(s)
Deixe seu comentário