1970දී ආතති සහගත හා උද්යෝගිමත් තත්පර 30ක් තුළ, බ්‍රසීලය ක්‍රීඩකය...
Article InformationAuthor, ෆර්නැන්ඩෝ ඩුවාර්ටේRole, බීබීසී ලෝක සේවයPublished මිනිත්තු 24 පෙරකියවීමේ කාලය: මිනිත්තු 9FIFA පිරිමි ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ සුවිශේෂී ගෝල ද්විත්වයක් සලකා බැලූ විට, පාපන්දු ක්‍රීඩාව මෙන් ම ලොව ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩකයන්ගේ ශරීර ස්වභාවය ද කෙතරම් විප්ලවීය වෙනසකට ලක්ව තිබේ ද? යන්න පිළිබඳව මනාව පෙන්නුම් කරයි.
1970 වසරේදී ආතතිමය හා උද්යෝගිමත් තත්පර 30ක කාලයක් තුළ, බ්‍රසීල ක්‍රීඩකයින් 8 දෙනෙකු අතර පන්දුව හුවමාරු වූ අතර, පසුව දකුණුපස පසුපෙළ ක්‍රීඩා කළ කාලෝස් ඇල්බර්ටෝ එල්ල කළ ප්‍රබල පහරකින් ගෝලයක් ලබා ගත්තේ ය.
FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයකදී බ්‍රසීල කණ්ඩායම ඉතාලියට එරෙහිව වාර්තා කළ එම සිව් වන ගෝලය, එම තරගාවලි ඉතිහාසයේ විශිෂ්ටතම අවස්ථාවක් ලෙස අදටත් බොහෝ දෙනාගේ අගැයීමට ලක්වේ.
එහෙත්, දශක පහකට පසු, 2022 අවසන් මහා තරගයේදී ප්‍රංශයට එරෙහිව ආර්ජන්ටිනාවේ ක්‍රීඩකයන් 7 දෙනෙකු හරහා පාපන්දුව හුවමාරු කර ගනිමින් අවසානයේ කණ්ඩායමේ වින්ගර් ලෙස ක්‍රීඩා කළ ඒන්ජල් ඩි මරීයා විසින් ලබා ගත් ගෝලයට ගත වූයේ තත්පර 12ක් පමණි.
ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු මෙන් ම, ව්‍යායාම කායික විද්‍යාව පිළිබඳ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙකු වන වෛද්‍ය ඔර්ලන්ඩෝ ලයිටානෝ පවසන්නේ, 1970 වසරේදී වාර්තා වූ ආකාරයේ ගෝලයක් "මේ යුගයේ වාර්තා වීමට නොහැකි," බව ය.
බ්‍රසීල කණ්ඩායමට කාලය හරහා ගමන් කිරීමට හැකි වූයේ නම්, ඔවුන්ගේ එවැනි චලන මෙකල සිටින ප්‍රතිවාදී ක්‍රීඩකයන් මැඩපවත්වනු ඇත. "මේ සඳහා බලපාන ප්‍රධානතම පරතරය දක්ෂතාව නෙවෙයි, ඒකට බලපාන්නේ කායික විද්‍යාව," වෛද්‍ය ලයිටානෝ පවසයි.
2014 FIFA ලෝක කුසලාන තරගාවලියේදී බ්‍රසීල ජාතික කණ්ඩායම සමග ද කටයුතු කළ වෛද්‍ය ලයිටානෝ පවසන්නේ, වර්තමාන පාපන්දු ක්‍රීඩකයන් ජීව විද්‍යාත්මක අතින් තම පූර්වගාමීන්ට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් ක්‍රීඩකයන් පිරිසක් බවට පත්ව ඇති බව ය.
ව්‍යායාමවල සහ වෛද්‍ය විද්‍යාවේ පරිණාමට හා පාපන්දු ක්‍රීඩා කරන ආකාරයේ සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් ඉහළ පෙළේ පාපන්දු ක්‍රීඩා පිටියේ සෑම අඟලක ඉඩක් සඳහා ම සටනක් පවතින බව ඔහු පවසයි. "එහි ප්‍රතිඵලයක් විදිහට, නවීන ක්‍රීඩකයින් වේගවත් හා ශක්තිමත් විය යුතු යි."
End of වැඩිපුරම කියැවූ
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්නඋණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පසුගිය දශක 5ක දත්තවලට අනුව, ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයින් පෙරට වඩා උසින් යුක්ත වන අතර, වඩාත් සිහින් සිරුරුවලින් සමන්විත බව එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.
ඔවුන් 1970 දශකයේ සිට 2020 දශකය දක්වා එංගලන්තයේ පළමු පෙළ පාපන්දු තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයින් දහස් ගණනකගේ තොරතුරු සංසන්දනය කර ඇත. ඊට අමතරව, ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කරන ප්‍රිමියර් ලීග් පාපන්දු ක්‍රීඩකයින්ගේ තොරතුරු සංසන්දය කර තිබේ.
මෙම අධ්‍යයනයට අනුව, 1973 සිට 2013 දක්වා කාලය තුළ ක්‍රීඩකයින්ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 4කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
පසුගිය දශකය තුළදී ද දැල් රකින්නන් සහ පසුපෙළ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් මෙම උස වැඩිවීමේ ප්‍රවණතාව එලෙස ම පැවතිය ද, ඉදිරිපෙළ සහ මැදපෙළ ක්‍රීඩකයින්ගේ සාමාන්‍ය උස සුළු ප්‍රමාණයකින් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇත.
වර්තමාන ඉහළ පෙළේ පාපන්දු ක්‍රීඩකයින් "කෙසඟ සිරුරු සහිත සහ උසින් වැඩි," ක්‍රීඩකයින් බව පර්යේෂකයෝ පවසති.
මෙයින් අදහස් කරන්නේ, ක්‍රීඩකයින් උසින් වැඩි, සිහින්, ශරීරයෙන් සැහැල්ලු පුද්ගලයින් වන අතර දිගු අත් සහ පාද සහිත පුද්ගලයින් බව ය. මෙම ප්‍රවණතාව ශරීර වර්ධක දර්ශක


