මෙම වසරේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම්කාරී සිදුව?...

Article InformationAuthor, අමන්දිකා කුරේ Role, බීබීසී සිංහල Published පැය 4 කට පෙරකියවීමේ කාලය: මිනිත්තු 4මෙම වසරේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම්කාරී සිදුවීම් කිහිපයක් සමග බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු පිළිබඳව නැවතත් සමාජයේ අවධානය යොමු විය.

විශේෂයෙන් ම, බන්ධනාගාරවල පවතින තදබදය, රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව සහ බන්ධනාගාරවල සැබෑ ධාරිතාව අතර පවතින පරතරය පිළිබඳව ප්‍රශ්න මතු විය.

එමෙන් ම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩු පිළිබඳව ද සාකච්ඡාවක් මතු විය.

මෙම කරුණු සම්බන්ධයෙන් නිල දත්ත ලබා ගැනීම සඳහා බීබීසී සිංහල විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් සිදු කරන ලදී.

ඒ අනුව, දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් පිළිතුරෙන් සේවක පුරප්පාඩු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

බීබීසී සිංහල විසින් මාස කිහිපයකට පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කළ මෙම තොරතුරු ඉල්ලීමට විස්තරාත්මක පිළිතුරක් ලැබී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ සිට කම්කරු පුරප්පාඩු දක්වා පුළුල් ලෙස විහිදී ඇති දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල පුරප්පාඩු සම්බන්ධයෙන් මෙම පිළිතුරේ සඳහන්ව තිබේ.

මෙහි සඳහන්ව ඇති ආකාරයට ඇතැම් තනතුරු සඳහා අවශ්‍ය අය බඳවා ගැනීමේ ක්‍රියාවලීන් දැනට සිදුවෙමින් පවතින අතර, ඇතැම් තනතුරු සඳහා සුදුස්සන් නොමැති බව දක්වා තිබේ.

End of වැඩිපුරම කියැවූ

එමෙන් ම ඇතැම් තනතුරු සඳහා දැනට වැඩබලන නිලධාරීන් පත් කිරීමට කටයුතු කර තිබෙන බව පිළිතුරේ සඳහන් වේ.

අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්නඋණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඒවා ඇති පිළිතුරේ සඳහන් වන ආකාරයට බන්ධනාගාර අධිකාරීවරුන්ගේ සහ බන්ධනාගාර නියාමකවරුන්ගේ සැලකියයුතු හිඟයක් පවතියි.

බන්ධනාගාර අධිකාරි (විශේෂ ශ්‍රේණිය) සඳහා පුරප්පාඩු 03ක් පවතින අතර, බන්ධනාගාර අධිකාරී තනතුරු 16ක් සඳහා ද පුරප්පාඩු පවතින බව එහි සඳහන් ය.

එමෙන් ම බන්ධනාගාර අධිකාරී තනතුරේ පූර්ණකාලීනව රාජකාරි ඉටු කිරීම සඳහා නිලධාරීන් 13කට සහ බන්ධනාගාර අධිකාරී (පුනරුත්ථාපන) තනතුරේ එක් නිලධාරියකුට ද අනුමැතිය ලබා ගැනීම සඳහා මේ වන විට කටයුතු කෙරෙමින් පවතින බව පිළිතුරේ සඳහන් වේ.

ලබා දී ඇති තොරතුරුවලට අනුව, තවත් සහකාර බන්ධනාගාර අධිකාරී තනතුර සඳහා විවෘත ධාරාව යටතේ නිලධාරීන් 10ක් ද සීමිත ධාරාව යටතේ තනතුරු 08ක් සඳහා ද බඳවා ගැනීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතියි.

සහකාර බන්ධනාගාර අධිකාරී (කාන්තා) තනතුර සඳහා පැවති පුරප්පාඩු සඳහා එක් නිලධාරිනියක තෝරාගෙන ඇති නමුත් ඉතිරි පුරප්පාඩුව සඳහා සුදුසුකම් ලත් නිලධාරිනියන් සිට නැත.

එමෙන් ම ප්‍රධාන ජේලර් (කාන්තා) තනතුර සඳහා සුදුසුකම් ලත් නිලධාරිනියන් නොමැති බව ද පිළිතුරේ සඳහන් වන නමුත් පුරප්පාඩු සංඛ්‍යාව සඳහන් කර නොමැත.

ප්‍රධාන ජේලර් (පිරිමි) තනතුරේ දැනට පවතින පුරප්පාඩු 11ක් පවතින බවත් ඉදිරියේදී තවත් පුරප්පාඩු 09ක් ඇති වීමට නියමිත බවත් එහි සඳහන් ය.