සිය භාර්යාවට නඩත්තු හිඟ මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මා?...
Published මිනිත්තු 23 පෙරකියවීමේ කාලය: මිනිත්තු 4සිය භාර්යාවට නඩත්තු හිඟ මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මාස 29ක සිර දඬුවමක් නියම වී සිටි මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නමැත්තා පොදු සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ගත් තීරණය බලශූන්ය බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
ඒ අනුව අධිකරණය තීන්දු කළේ, අදාළ පුද්ගලයාට එරෙහිව අධිකරණය නියම කර තිබෙන දඬුවම ක්රියාත්මක කිරීමට බන්ධනාගාර බලධාරීන්ට බලය තිබෙන බව ය.
අදාළ පුද්ගලයාගේ බිරිඳ වන අහමඩ් ෆාමිල්ලා බේගම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ආචාර්ය සෝභිත රාජකරුණා, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා සිකුරාදා (ඔක්. 23) මෙම තීන්දුව ලබා දුන්නේ ය.
පෙත්සම්කාරිය කියා සිටින්නේ, 2005 වසරේ අප්රේල් මස 23 වන දා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය යටතේ තමා වගඋත්තරකරු සමග විවාහ වූ බව ය.
දරුවන් තිදෙනෙකු එම විවාහයෙන් උපත ලැබූ බව සඳහන් කරන පෙත්සම්කාරිය, එම විවාහය අවසන් කිරීමෙන් පසුව නැගෙනහිර කොළඹ ක්වාසි අධිකරණයෙන් 2022 වසරේ ජූනි 11 වන දා රුපියල් හැටදහසක මුදලක් නඩත්තු වශයෙන් ගෙවන ලෙස වගඋත්තරකරුට නියෝග කළ බව ද පවසයි.
එහෙත් දිගින් දිගට ම වගඋත්තරකරු එම නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මීගමුව මහේස්ත්රාත් අධිකරණය රුපියල් 1740,000ක හිඟ නඩත්තු ගෙවන ලෙස නියෝගයක් නිකුත් කළ බව ද ඇය සඳහන් කරයි.
ඉන් පසුව නඩත්තු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට වරදකරු කෙරුණු වගඋත්තරකරුට මීගමුව මහේස්ත්රාත් අධිකරණය මාස 29ක සිර දඬුවමක් නියම කර තිබිණි.
කෙසේ වෙතත්, 2024 වසරේ සැප්තැම්බර් මස 12 වන දාට යෙදුණු සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34 වන ව්යවස්ථාව ප්රකාරව පොදු සමාව යටතේ වගඋත්තරකරු 2024 වසරේ සැප්තැම්බර් මස 12 වන දා නිදහස් කළ බව තීන්දුවේ සඳහන් වෙයි.
End of වැඩිපුරම කියැවූ
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්නඋණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙලෙස නිදහස් කරන අවස්ථාව වන විට වගඋත්තරකරු තමන්ට නියම වූ මාස 29ක සිර දඬුවමින් මාස දෙකක් පමණක් ගෙවා තිබූ බව තීන්දුවේ සඳහන් වෙයි.
පෙත්සම්කාරිය සඳහන් කරන්නේ, වගඋත්තරකරුට සමාව ප්රදානය කිරීම අත්තනෝමතික මෙන් ම අසාධාරණ බවත් එය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) ව්යවස්ථා මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ය.
මෙවැනි සමාවක් ප්රදානය කිරීමට පෙර තමන්ගෙන් කරුණු විමසීමක් සිදු කර නොමැති බව ද පෙත්සම්කාරිය චෝදනා කරයි.
එහෙත් නිදහස ලැබූ වගඋත්තරකරු අධිකරණය හමුවේ ප්රකාශ කර තිබුණේ, තමන්ට ලබා දී තිබෙන සමාව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34 (1) අ ව්යවස්ථාව යටතේ ලබා දුන් සමාවක් නොව 34 (1) ඈ ව්යවස්ථාව යටතේ සිදු කළ දඬුවම් ලිහිල් කිරීමක් පමණක් බව ය.
එහෙත් මේ ආකාරයට ම නඩත්තු නොගෙවීම මත සිරගත වී සිටි තවත් සිරකරුවකු වන මොහොමඩ් ෆයිසාල් මොහොමඩ් නව්ෂාඩ් නමැත්තා නිදහස් කිරීමක් සිදුවී නොමැති අතර ඔහුගේ සිර දඬුවම් කාලය සතියකින් අඩු කිරීම පමණක් අඩු කර ඇති ආකාරය පෙනී යන බව තීන්දුවේ සඳහන් වෙයි.
ඒ අනුව, මෙම පොදු සමාව ප්රදානය කිරීමේ ක්රියාවලිය තුළ අසමානතාවක් නිරීක්ෂණය වන බව අධිකරණය සිය තීන්දුව මගින් ප්රකාශ කළේ ය.
අනතුරුව වගඋත්තරකරු පොදු සමාව යටතේ නිදහස් කිරීමට පියවර ගැනීම තුළින් හිටපු ජනාධිපතිවරයා, අධිකරණ අමාත්යංශයේ හිටපු ලේකම්, හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12 (1) ව්යවස්ථාවේ සඳහන් සමානාත්මතාව සහ නීතියේ ආරක්ෂාව උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බව විනිසුරුවරු සිය තීන්දුව ලබා දෙමින් සඳහන් කළහ.
ඒ අනුව, වගඋත්තරකරුට ප්රදානය කර ඇති සමාව නීතිය ඉදිරියේ බලශූන්ය බව අධිකරණ තීන්දු කළේ ය.



0 Comentário(s)
Deixe seu comentário